Cex.io එකෙන් සල්ලි දීල BTC ගමු...

ඔන්න වැඩේ තව ටිකක් සරලව කියල දෙන්න හිතුව. 
ඔයා මගේ crypto ඉස්කෝලේ ආවනම් හරියට ඔයත් මේ cex.io site එකට ගිහිල්ල හරි බලන්න ඇතිනේ. ගියේ නැත්නම් දැන් ගිහින් බලල account එකක් හදාගන්න. මේකට කිසිම මුදලක් වැයවෙන් නෑ.. (හෙම්බිරිස්සාව උනත් මොකෝ :p )


හරි හරි ඔන්න මන් දැන් හිතනවා ඔයා cex account එකක් හදාගෙන මන් කිව්වා වගේ සල්ලි දාන්න පුළුවන්  card එකකුත් add කරගන්න ඇති කියල.

ඔක්කොටම කලින් මේ site එකේ වෙන දේ තේරුම්ගන්න ඕනි.. මේක බ්‍රෝකර් කෙනෙක් වගේ දෙයක්. එයා මේ coin ටිකක් අරන් අපිට විකුණනවා වැඩිගානකට.. හැබැයි හොරෙන් නෙමයි.. ඔක්කොම ගණන් හිලව් කියල තියෙනවා මේ fee කියල :p site එක යටටම ගියාම .


ඊළගට මේ withdraw button එක click කරලා > පහත රුපයේ පරිදි USD කියන ඉසව්ව click කොරල BTC select කොරලා >  Choose withdrawal payment method කියන තැන CryptoCapital select කරන්න. ඒම කොරල withdraw කරන්න පුළුවන්  BTC minimum ගාන (0.01BTC) බලන්න.ඊට යටින් තියෙන withdraw fee එකත් බලන්න. 






තවත් දෙයක් අපි දැනගෙන ඉන්න ඕනි. ඒ තමයි මේ site එකෙන් BTC ගන්නනම් BTC price එක. එකට මේ Trade tab එක click කරලා site එකේ coinවල price එක බලාගන්න.




දැන් මේ deposit කියන button එක click කොරන්ට හිටං..


ඊළගට මේ page එක open වෙනවා. 


අද පාඩම ගණන් සෑදීම... :p දැන් පටන්ගමු.. 
ඔයාල fee වල දකින්න ඇති අපි සල්ලි දාන ක්‍රමය අනුව fee වෙනස් වෙනවා. අපි ගොඩක් අය credit card වලින් සල්ලි දාන නිසා මන් ඒ ගැන ලියන්නම් මොකද මන් අනිත් එව්වා දැන් නෑ.. :D

අවශ්‍ය ද්‍රව්‍ය..

  • Visa සහ credit card වලින් සල්ලි දාන්න fee එක 3.5% + $ 0.25 වෙනවා. 
  • Withdraw කරන්න පුළුවන් minimum BTC ප්‍රමාණය. (0.01BTC)
  • BTC වෙන site එකකට යවන්න fee එකත් බලාගන්න. (Ƀ 0.00000380 කියල තමා තියෙන්නේ දැන්. ඒ උනාට හැම වෙලේම check කරලා බලල ගන්න.)
  • Site එකේ BTC price එක( 11157.2$ කියල තමා මේ වෙලාවේ කියන්නේ.)

එහෙනම් අපිට අවම වශයෙන් BTC ගන්න වෙනවා 0.01BTC + 0.00000380 BTC = 0.01000380BTC

ඒ කියන්නේ 0.01000380 x 11157.2 = 111.6144$ = 111.6144*157= Rs 17523.461

ඒ කියන්නේ දැනට අවම වශයෙන් රු.  17523.461 ක්වත් ඕනි ඉතීම්. 

දැන් ඔයාල කැමතිනම් මේ $ ගාන deposit කරන්න ඔයාගේ card එකෙන්. එහෙම deposit කොරල අවශ්‍ය BTC ප්‍රමාණය මිලදී ගන්න ඉතින් සල්ලි සල්ලි කියල බලන් නැතුව.. :/  

Comments

Popular posts from this blog

Binance සහ Bittrex Account හදාගෙන coin buy & sell කරමු...

තෙවන පියවර : Airdrop වලින් free crypto coins ගමු...